නුතන කෝවලන්


නොපැතුවෙමි කිසි දින 
සුසුමකින්වත් 
අන්‍ය හදකින් 
ආලයක් 
නොදුන්නෙමි මා 
නෙතු අඟින්වත් 
අන්‍ය දෙනතට 
නෙතු සරත්
 පතමි පැතුවෙමි 
වෙන්ට සැමදා 
උතුම් පදපරිචාරිකාවක් 

නමුදු  
පතිපරමේෂ්වර යැයි සිතා 
නුඹට රැවටුණු 
කන්නගී පතිනියකි 
අද මා 

රාගයෙන් වල්මත්ව 
තහනම් පෙම් සුව විඳින 
නුඹයි නුතන 
කෝවලන් 






No comments

Powered by Blogger.