බස් එකේ
බස් එකේ
කෙළවරේ ආසනේ
නුඹ හිටියා
මතකයි කවුළුවෙන්
නෙත් යොමාගෙන
කියාගන්නට නොහැකි වු
ලසෝ සෝ තැවුල්ලක්
දුටුවා මතකයි
ඇරෙන පියවෙන
දෑස් දෙස
බලා සිටියා මං
වරක් නොව සියවරක්
සිනාසෙන්නට නොහැකි වු
කදුළු පොඩි පාවෙනා
නුඹේ නීල නෙත් සරය
තදින් හද කිති කැව්වා
නුඹටත් නොදැනීම
ඉවත බලා සිටි
නුඹේ දෑස
බැලුවේ නම්
වරක් හෝ මදෙස
දෙන්න තිබුණා
පුංචි හෝ හිනාවක්
සතුටක් නැති
නුඹේ ඇස්වලට
ගමන කෙළවරව
නුඹ බැස ගියත් නොබලාම
නුඹට අමතකව
දමා ගිය මල් ලේන්සුව
ඇත තාම මං ළඟම
නුඹේ සුවඳ සමඟින්ම
ඉතිං මං පතන්නම්
හදවතින් ඇයහට
කදුළු පිසි ලේන්සුව
අමතකව ගිය සේම
සදහටම වියැකෙන්න
ඇගේ නීල නෙත් අඟින්
කදුළු කැට වරුසාව
යළි දිනක ළඟදීම
හමුවේවී අපි අයේ
බස් එකේ එක ආසනේ
හිනහෙනා නුඹේ
නෙතු එක්ක
එදිනට නුඹ
දමා යන්න
මල් ලේන්සුව නොව
නුඹේ හදවතම
මං ගාව
Leave a Comment