නිරුවත් හැමර්

                                        කෙන්යාවත් ඉතියෝපියාවත් අතර දේශසීමා ප්‍රදේශයේ ඔමෝ මිටියාවතේ අපුරු ජන කොටසක් ජිවත් වේ. ඔවුන් නම් හැමර් ගෝත්‍රික ජනයායි. විශාල තණ බිමක් මැදි කරගෙන වෘත්තාකාරව ඉදිකළ ගම්මානයක ඔවුන් ජිවත් වෙයි.  මැටියෙන් ඉදි කරනු ලැබු ශාක පත්‍ර වලින් පියසි සකස් කරගෙන ඇති ඔවුන්ගේ නිවාස සැබවින්ම පැල්පත්වේ. 



                            හැමර් ගෝත්‍රිකයෝ ජිවිකාව ගෙනයන්නේ ගොවිතැන් සහ දඩයම් කිරීමෙනි. අල වර්ග, එළවළු, පලතුරු වර්ග ඔවුන් වගා කරයි. ගොවිතැන් කටයුතු සඳහා හැමර් පවුලේ සියලු දෙනා වෙහෙසෙති. ඔවුන් ගොවිතැන් කළ ලබා ගන්නා සියලු අස්වැන්න ගෝත්‍රයේ කාටත් පොදුය. කවුරු වගා කළත් ඕනෑම තැනක අස්වැන්නක් ඕනෑම අයෙකුට නෙලා ගැනීමට පුළුවන. 

                            හැමර් ගෝත්‍රික පිරිමියෙකුට ගවයන් විස්සක් තිහක් පමණ හිමි වේ.  නමුත් ඔවුන් කිසි විටෙක ගව මස් අහාරයට ගන්නේ නැත. හැමර් ගෝත්‍රය අසල් වැසි ගම්මානවලට පහර දී ගවයන් හා බව බෝග කොල්ල කෑම සුලභ සිදු වීමකි. ඔවුන් එසේ කරන්නේ තම ශක්තිය ප්‍රදර්ශනය කිරීමටය. හැමර් ගෝත්‍රික තරුණයන් තම වීරත්වය ප්‍රදර්ශනය කිරීමට සිදු කරන තවත් ප්‍රධාන චාරිත්‍ර කිහිපයක් තිබේ. ඉන් එකක් වන්නේ තරුණයන් නිරුවත් කොට පිටට හා පසු පසට කස පහර ගැසීමයි. එම පහර දීම සිදු කරන්නේ අදාළ තරුණයාගේ වැඩිමහල් සහෝදරියන් වේ. එහිදී පහර කොයි තරම් රිදුනත් එය ඔරෝත්තු දීමට ඔහුට සිදු වේ. එමෙන්ම  ගවයන් ගේ පිට මතින් දිව යෑම ද තවත් ක්‍රමයකි. එහිදි තරුණයන් නිරුවත්ව පේළියට තබන ලද හරකුන් පිට නොවැටි දිව යා යුතු වේ.  මෙසේ දිව යෑමෙදි ඔහුව වැටීමට ඇති ඉඩ කඩ වැඩිය. එම නිසා තරුණයන්ට අවස්ථා හතරක් හිමි වේ. එම අවස්ථා හතරේදීම ඔහුට ජය ගත නොහැකි වුවහොත් එම අවස්ථාව ඉළඟ වර්ෂයේ එළඹෙන තෙක් සිටිය යුතු වේ. මෙය එක් පැත්තකින් විවාහ පරීක්ෂනයකි. මෙම තරඟයෙන් ජයගන්නා තරුණයන්ට එය නරඹන්ට එන තරුණියන් අතරින් කෙනෙකු තෝරා ගැනීමට හැකියාව තිබේ. 



                                       හැමර් පිරිමියෙකුට බඳින වයස උදා වෙන්නේ වයස අවු: තිහෙන් පසුවයි. නමුත් සෑම විටම තරුණිය අවු: දාහතට වැඩි නොවේ. හැමර් පිරිමියෙකුට කාන්තාවන්   සිව්දෙනෙක් උපරිම වශයෙන් විවාහ කර ගත හැකියි. හැමර් කාන්තාවන් ගේ උඩුකය නිරුවත් වේ නමුත් ඔවුන් ශරීරය අලංකාරයට වෙහෙසෙයි. එහිදි මුහුණ මෙන්ම පියයුරුද පින්තාරු කරගනී. එසේම විවිධ වර්ණ්වල මාල හත අටක්ද යකඩ හා හම් වළලු පැළදීමද හිස මත පිහාටු පැළදීම ද ඔවුන් සිදු කරයි.  හැමර් ගෝත්‍රිකයෝ බොහෝ දෙනෙක් සුන්නි මුස්ලිම්වරුන් වන අතර ඔවුන් බහුතරය අල්ලා දෙවියන්ට ගරු කරති.



No comments

Powered by Blogger.