දැවැන්තයකුගේ උත්පත්තිය



ඉතාලියේ ටයිබර් නදිය අසබඩ රෝම නගරය ගොඩනගන ලද්දේ රොමියුලස් සහ රීමාස් යන නිවුන් සොහොයුරන් දෙදෙනෙකු විසිනි. ඔවුන්ගේ මව වූයේ ක්‍රි. පූ. 8 සියවසේ දී පමණ ජීවත් වූ සිල්වියා නම් ලතින් කුමාරිකාවකි. මේ නිවුන් සොහොයුරන් දෙදෙනාට රාජ්‍ය උරුමය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මවගෙන් වෙන්කොට වනාන්තරයක මැරෙන්නට අත්හැර දමන ලදී. මේ දරුවන් දෙදෙනා එදා බේරාගෙන ආරක්ෂා කර ගෙන ඇත්තේ වෘක ධේනුවක් විසින් බව ජනප්‍රවාදයේ ඇත. පසුව එඬේරකුගේ භාරයට පත් වූ මේ දරු දෙදෙනා හොඳින් හදාවඩා ගත්තේය. ඉන්පසු කලෙක  මොවුන් ටයිබර් නදිය අසබඩ රෝම නගරය ඉදිකළහ. එහිදී ඇති වූ ගැටුමකදී රොමියුලස් අතින් රීමස් මියගියේය. පසුව රෝමයේ පාලකයා වූයේ රොමියුලස්ය. ගැමියන්ගේ පිදුරු සෙවිලි කළ පැල්පත්වලින් ආරම්භ වුණ රෝම නගරය ක්‍රමයෙන් බලසම්පන්න වී රෝම අධිරාජ්‍ය ගොඩනැගුණි.


No comments

Powered by Blogger.