ISIS පිළිබඳ ඔබ නොදත් රහස් තොරතුරු




ISIS යන්නෙහි අර්ථය වන්නේ Islamic State of Iraq and Syria යන්නයි.


මෙහි ආරම්භය 2002 වසරේ සිදු විය. ඉරාකයේ ජෝර්දාන ජාතික සටන් කරුවෙකු වන අබු මුෂාම් අල් සර්කාවි විසින් නිර්මාණය කරන ලදී. ඔහු පළමු වරට තව්හිඩ් - වා - ජිහාඩ් යන සංවිධානය ආරම්භ කරනු ලැබීය. 


2003 - 2006 කාලය තුළ ඔහු ඇමරිකානු හමුදා ඉලක්ක වෙත සිය මනාව පුහුණු කරවන ලද සටන් කරුවන් යොදාගෙන දරුණු ප්‍රහාර එල්ල කරමින් ලොව එවකට පැවති විශාලතම සන්නද්ධ කල්ලිය වන අල් කයිඩා සංවිධානයේ හොඳ හිත දිනා ගනිමින් වසර 2004 වන විට තමන්ගේ කල්ලිය අල්කයිඩාවට අනුබද්ධ කර අල් කයිඩා - ඉරාක් (AQI - Al Qaeda Iraq) යන නාමය භාවිතා කිරීම ආරම්භ කලා. 

නමුත් ඔහු 2006 වසරේදී ඔහු අල් කයිඩා ජාත්‍යන්තර ජාලයෙන් ඉරාකයේ අල් කයිඩා ශාඛාව වෙන් කරගෙන ඉරාක ඉස්ලාමි රාජ්‍ය (Islamic State of Iraq = ISI)  නිර්මාණය කර ගනු ලැබීය.

2006 ජුනි ඇමරිකානු ගුවන් හමුදාව විසින් එල්ල කර ප්‍රහාරයකින් සර්කාවි මිය ගිය අතර ඒ වන විට ඔහුගේ වයස අවු 40ක් විය.

ඉන්පසු නායකයන් කිහිප දෙනෙකුම අතට පත් වු මෙම සංවිධානයේ නායකත්වයට 2010 වසරේදී අබු බකර් අල් බග්දාදි ( Abu- Bakr- Al- Baghdadi) නායකත්වයට පත් විය.  නමුත් පසුගිය වසරේ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් තුවාල ලැබීම හේතුවෙන් එහි වත්මන් වගකීම එම සංවිධානයේ නියෝජ්‍ය නායක අබු අලා අල් අෆි හොබවන බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රකාශ කරයි.


                                අබු මුෂාම් අල් සර්කාවි

No comments

Powered by Blogger.