උපාසිකාවගෙන් සමන්ත්‍රභද්‍ර හිමියන්ට හසුනක්





සමන්ත්‍රභද්‍ර හිමිවෙත 

                                                   තෙරුවන් සරණයි 


                                 සමන්ත්‍රභද්‍ර හිමියනි, අද මාගේ පන්හිඳ බොහෝ ප්‍රයත්නයන් දරයි. ඒ බොහෝ දේ අකුරු කරන්නට ය. නමුත් අද මාගේ පන්හිඳට අකුරු කරන්නට අවශ්‍ය දේ ලිවීමට හෘද සාක්ෂිය ඉඩ නො දෙයි. සැමදා ගසට පොත්ත මෙන් බැදුණු පන්හිඳත් හෘදසක්ෂියත් අද විරසකව ඇත්තේ මා තුළ බුද්ධාගම, බුද්ධ ශාසනය, බෞද්ධකම පිළිබඳ ඇති ශ්‍රද්ධා භක්තිය නිසාමය. නිසැකව අද මාගේ පන්හිඳට අවශ්‍ය දේ අකුරු බවට පත් වුවහොත් චීවරධාරී ඔබවහන්සේ පිළිබඳ එය දරුණු විවේචනයක් වන බව නිසැකය. 
                ඒ නමුත් අප අති උතුම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වචනයට අනුව වයසින් බාල හෝ මහලු ඕනෑම පුද්ගලයෙක් චීවරයක් දරා සිටිනම් එම චීවරධාරීයා වෙත ගරු බුහුමන් දැක්විය යුතුය. එම බුද්ධ වචනය සිත් හි තබා ගනිමින් අකීකරු පන්හිඳට විලංගු දා අවනත කරගනිමින් ඔබ වහන්සේ වෙත ශ්‍රද්ධා භක්තිය පෙරටු කරගනිමින් මෙසේ වචන කිහිපයක් අකුරු කරන්නට සිතුවෙමි. 

                                                                                
                                 නුතන අම්බපාලිට 
                                      බණ කියා  
                                 සසුන්ගත  කරවන්ට        
                                      තිලෝගුරු
                                  බුදුරජුන්   අද නැත    
                                           නමුදු 
                                    අශාවරීලා සමඟ
                                      රැස් විහදමින්  
                                        රඟන්නට
                                       සමන්ත්‍රභද්‍ර 
                                            නම්
                                         අද ඇත  
                                                                තෙරුවන් සරණයි.



No comments

Powered by Blogger.