යෝධ BFG සහ පුංචි සොෆී




                    භීතියෙන් ඇළලී යන දුෂ්ට ආත්මයන් එළියට එන එක්තරා අඳුරු රාත්‍රියක දී සොෆී නම් අනාථ දැරියකට සොඳුරු මිනිසෙකු හමුවෙයි. නමුත් ඔහු සාමන්‍ය මිනිසෙකු නම් නොවේ. යෝධ මිනිසෙකි. සැබවින්ම සිදුවන්නේ එම රාත්‍රියේදී සොෆීට යෝධ මිනිසා මුණ ගැසීම නොව ඔහු සොෆීව පැහැරගෙන යෑමයි. 


                  නමුත් එකී පැහැරගෙන යෑම නිසා අනාථ නිවාසයක බිත්ති අතරට කොටු වී සිටි පුංචි සොෆීට අලුත් දේශයක දොරගුළු විවර විය. ඒ සොෆී ගේ ලෝකයෙන් බෝහෝ ඈතක පිහිටි කවුරුත් නොදන්නා ඉසව්වක සැඟවුණු යෝධයන්ගේ දේශයයි. නමුත් මෙම දේශයේදී සොෆීට ජිවිතයත් මරණයත් අතර තරඟ කරන්නට සිදු වන්නේ එහි සිටින මිනී මස් කන යෝධයන් නිසාය. එසේ පැමිණි සෑම කරදරයකදීම සොෆීව බේරා ගන්නේ සොෆීව පැහැරගෙන ආ යෝධ මිනිසාය. සොෆී ඔහුව BFG යනුවෙන් ඇමතීමට පටන්ගන්නේ ඔවුන්ගේ මිත්‍රත්වයේ ඇරඹුමත් සමඟයි. 

                    BFG සාමන්‍ය යෝධ මිනිසෙකු නම් නොව ඔහු සිහින අල්ලන්නෙකි. තවත් විටෙක අන් පුද්ගලයන්ට සොඳුරු සිහින ලබා දෙන්නෙකි. 

                    මෙවැනි කතා සාරාංශයකින් යුතු BFG සිනමා කෘතිය ස්ටීවන්ග් ස්ප්ල්බර්ග් විසින් අධ්‍යක්ෂණ කර ඇති අතර 2016 ජුලි 01 එක්සත් ජනපදයේදී මෙය තිරගත විය. මිලියන 140ක වියදමින් නිර්මාණය කර ඇති මෙකී සිනමාපටය මිලියන 183.3 ක අදායමක් ලබා ගෙන තිබේ.

                 BFG සිනමා කෘතිය සැබෑ වශයෙන්ම යථාර්තයෙන් ඈත් වු ෆැන්ටසිවාදී සිනමා පටයකි. නමුත් උඩු පෙළ අර්ථයෙන් දක්නට ඇති ෆැන්ටසියට එහා ගිය යථාර්තවාදී පණිවුඩයක් සිනමා පටය තුළින් සමාජගත කරන්නට වෑයම් දරන බව මට සිතේ.

                    සොෆී කිසිම දිනක සිහින දකින්නියක් නොවීය. නමුත් ඇයගේ යෝධ මිත්‍රයා ඇයට සිහින දකින්නට කියා දෙයි. ඔහු සොෆීට කියා දෙන්නේ සිහිනයන් ඔබ වෙතට පැමිණෙනවා. එය ඉටු නොවුණත් ඔබ සිහින දකින්න. හැබැයි ඒ සිහිනය ඔබේම නම් සිහිනය දකින්න විතරක් නෙමේ ඒ සිහිනය අල්ලා ගැනීමත් ඔබට භාරයි.

                 ඉතිං ඔබත් ඔබේම ලෝකයක් තුළ ඔබේම සිහිනයන් දක්න්න. හැබයි ඒ සිහින දැක්කට මදි අපි ඒ සිහින කෙසේ හෝ උත්සයයෙන් අල්ලා ගන්නත් ඕනේ. එතකොට අපිට පුළුවන් ෆැන්ටසියක අතරමං වු අපේ සිහින යථාර්තයක් කරගන්න. ඔබේ සිහින යථාර්තයක්ම වේවා. 





No comments

Powered by Blogger.