මල්සරා විශ්‍රාම යයි මල් දුන්න කෙල්ලන්ට





මල් දුන්නෙන් මා වෙත හීයක් එවා 
හී සැරය මා සිත වෙනසක් කලා 💘


                               හිරිමල් තාරුණ්‍යයට පිවිසෙන අපි හැමෝම මල්සරාගේ මල් දුන්නෙන් හී සර වඳින තුරු ඇඟිලි ගනිමින් බලා සිටී. ඒත් තරුණියන් හා පෙමින් වෙලීමට අවස්ථාව නොමැති වු බොහෝ තරුණයන්ගේ අදහස නම් මල්සරා මල් හී සර විඳිනවා තියා තමන් දෙස හැරිලාවත් නොබලන බවයි.  තවත් බොහෝ පිරිසක් මල්සරාගේ මල් දුන්නේ හී සරයට තමා ඉලක්කය වන තුරු දින සති මාස ගණන් බලා සිටී. ඒත් තවත් එසේ බලා සිටිමෙන් තරුණයන්ට නම් ඵලක් නොවෙනු ඇත. මන්ද මල්සරා දැන් විශ්‍රාම ගොස් ඇති බැවිනි. දුක් වෙන්න ඕනේ නෑ මොකද මල්සරා විශ්‍රාම යන්නේ මල් දුන්නේ උරුමය කෙල්ලන්ට ලබා දීලයි. 


                                 දැන් එතකොට කෙල්ලොද මල් දුන්නෙන් විදින්නේ ඔයාටත් එහෙම හිතුනද ? සැබවින්ම ඔව් කෙල්ලන් තමා දැන් මල් හී සර පිරිමි හිතට විදින්නේ. ඒ කොහොමද ? කියලා ඔයාට දැන් හිතෙන්න ඇති.



                                  හොඳින් නිරීක්ෂණය කළොත් සෑම ස්ත්‍රියකගේම දෙතොලේ උඩු තොලේ ඇති දුන්නක හැඩය ඔයාට දකින්න පුළුවන්. ඉතිං මෙන්න මේ හැඩය නිසා මල්සරාගේ මල් දුන්න තමයි ස්ත්‍රියකගේ උඩු තොලේ තියෙන්නේ කියලා අංග රචනා කලාවේදී පිළිගන්නවා. 



                                    එම අදහස ඇත්ත කියලා පිළිගන්න පුළුවන්. මොකද මල්සරා එනතුරු බලන් සිටියට මල්සරාවත් මල් දුන්නවත් දැකපු කෙනෙක් නෑ. මල් හී සර වැදුණ කෙනෙකුත් නෑ. ඉතිං ප්‍රේමය තරුණ හදවත් තුළ ඇතිවන්නේ මේ කියන මල්සරා නිසා යැයි කියන්න කිසිම සාක්ෂියක් නෑ. 

                                    ඒත් තරුණියකගේ දෙතොල් අතරින් නැගෙන සුන්දර සිනාහවකට පුළුවන් ඕනෑම රළු පරළු හිතක් තුළ පවා ප්‍රේමනීය හැගීම් ඇති කරවන්න. ඉතිං කාන්තාවකගේ තොල් මල් දුන්න වන විට මල් හී සර වන්නේ ඇගේ සුන්දර සිනාහවයි. ඔබත් සිතා බලන්න ඇගේ සුන්දර සිනාහව නොවේද ඔය තරම් ප්‍රේමනීය පුද්ගලයෙකු බවට ඔබව පත් කලේ.💘💘

ඔබේ අදහසත් මෙයට එක් කරන්න.👇👇

No comments

Powered by Blogger.