කම්කරුවෙකුගේ විලාපයේ දෝංකාරය



නැත මා දෑත පාලා 
සිඟමන් යඳින්නට 
නැත මා කතිර ගසලා 
දියවන්නා ගෙම්බන්ට
නැත මා අත්ල බලලා 
ඉරණම විසඳන්න 
නැත වෙහෙසුනේ 
මගේ අතැඟිලි 
මෘදු වන්න 

නැත තැබුවේ කුසගින්නේ 
මා දරු පවුල 
නැත මා කළේ 
වංචාවක් සේවයට 
නැත එක් රැයක්වත් 
මත් තොළ ගෑව 
නැත මට වෙන වේදනා 
කරගැට රිදුම හැර 

නැත මා ගියේ 
පෙළපාලි අද දවස 
එහෙයින් නැතිද මා 
කම්කරුවෙක් මුළු ලොවට 
අවැසි නැත මට 
පෙළපාලියක් යන්නට 
අද දවස 
අවැසිය පොඩි ගෞරුත්වයක් 
බත් සරිකරනා පියෙක් ලෙස 



No comments

Powered by Blogger.