විශ්වයේ රහස් සොයා යෑම


සෞරග්‍රහ මණ්ඩලයේ විශ්ව න්‍යායික මුලධර්ම සහ රහස් සෙවීම සඳහා නාසා ආයතනය මඟින් නිෂ්පාදනය කෙරුණු ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය 2018 ඔක්තෝබර් මාසයේ අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය. මෙම දුරේක්ෂය මඟින් විශ්වයේ ආරම්භයේ සිට පිටසක්වළ ජීවීන් හා ග්‍රහලෝක නිර්මාණය වීම පිළිබඳව ඉතා වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීමට තාරකා  විද්‍යාඥයෝ අපේක්ෂා කරති. එමඟින් ප්‍රධාන ධාරා හතරක් ඔස්සේ තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිතය. විශ්වයට ප්‍රථම අලෝක කිරණ පතිත වු අකාරය, විශ්වයේ ආරම්භක අවධියේදී මන්දාකිණි නිර්මාණය වු අකාරය, තාරකා උපත, ග්‍රහ තාරකා නිර්මාණය වීමේ ක්‍රමවේදය සහ ජීවයේ සම්භවය යන කරුණු සොයා බැලීම එම ප්‍රධාන අරමුණු  හතරට අයත් ය. මෙම දුරේක්ෂය නම් කර ඇත්තේ ජේම්ස් වෙබ් නමිනි. ඇපලෝ අභ්‍යවකාශ මෙහෙයුමේ ක්‍රියාත්මක වු සමයේ නාසා ආයතනයේ විද්‍යාඥයෙක් වශයෙන් කටයුතු කළ ජේම්ස් වෙබ් සිහිපත් කිරීම සඳහා එනමින් නම් කර තිබේ. මෙම දුරේක්ෂය අනාගත පරපුරේ දුරේක්ෂය ලෙසින්ද නම් කර තිබේ. විශ්වයේ  රහස් අනවරණය කර ගැනීම සඳහා දැනට උපයෝගී කර ගනු ලබන්නේ හබල් දුරේක්ෂයයි. ජේම්ස් වෙබ් දුරේක්ෂය හබල් දුරේක්ෂය මෙන් සත් ගුණයකින් අභ්‍යවකාශ අලෝක හඳුනා ගැනීමට හැකියාවක් පවතී. එයට විශ්වයේ මෙතෙක් අනාවරණය නොවු බොහෝ රහස් මෙන්ම මුල්ම තාරකාවල උපත සිදු වු කාලවකවානුව පවා සොයා ගැනීමට හැකියාවක් පවතී.  වෙබ් දුරේක්ෂය නිර්මාණය නිර්මාණය කිරීමට නසා ආයතනයට වසර 20කට අධික කාලයක් ගත වී තිබේ. ඒ සඳහා දරන ලද පිරි වැය ඇමරිකානු ඩොලර් බිලියන 8.7කි. නොබෝ දිනකින් වෙබ් දුරේක්ෂය මඟින් විශ්වයේ  මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත. 


No comments

Powered by Blogger.