පදිංචියට සඳෙන් ගෙයක් ගමුද ?

                      2030 වසර එසේත් නැති නම් තවත් වසර පහලවකින් සඳ මතු පිට කුඩා ගම්මානයක් පිහිටුවීමට කටයුතු කරන බව යුරෝපා අභ්‍යාවකාෂ ආයතනය පවසා තිබේනවා.  2030 වසරේදී මෙම චන්ද්‍ර ගම්මානය පහසුවෙන් ඉදි කළ හැකි බවයි  යුරෝපා අභ්‍යාවකාෂ ආයතනය පවසන්නේ. මෙම කටයුත්ත සඳහා  යුරෝපා අභ්‍යාවකාෂ ආයතනය ඇමරිකාව සහ රුසියාව ඇතුළු රටවල් රැසක සහය ලැබී තිබේ.  චන්ද්‍ර ගම්මානය සඳහා යුරෝපා අභ්‍යාවකාෂ ආයතනය ත්‍රිමාණ නිවාස පද්ධතියක් ද සකස් කර ඇති අතර රොබෝ තාක්ෂණය යොදා ගනිමින් සඳ මතුපිට එම ඉදි  කිරීම්වල මුලික අදියර සිදු කිරීමට කටයුතු සැලසුම් කර තිබේ. එම් ඉදිකිරීම්වල දෙවන අදියර සඳහා සඳට යවන ගගනගාමීන්ගේ සහය ලබා ගැනීමට සැළසුම් කර තිබේ. 


                        ජාත්‍යන්තර අභ්‍යාවකාෂ නැවතුම්පොළේ රැදී සිටින නාසා ගගනගාමී ස්කොට් කෙලීගේ සාත්තු කිරීම් මැද සීනියා මල් පැලයක මලක් හට ගෙන තිබේ. අභ්‍යාවකාෂයේ මලක් හටගත් පළමු අවස්ථාව එයයි. එම පැළයට සත්තු කිරීම් ආරම්භ කර ඇත්තේ 2015 මාර්තු මාසයේ දීයි. අභ්‍යාවකාෂ නැවතුම්පොළේ හරිතාගාරයේ සහ පර්යේෂණාගාරයේ කෘතිමව පැළයක් රෝපණය කිරීම පමණක් නොව එය ඵල දැරීමට සැලැස්වීම අසීරු වුවත් එම අභියෝගයද ජයගෙන තිබේ. මෙම ක්‍රමවේදය හරහා සඳේ ඉදි කෙරෙන චන්ද්‍ර ගම්මානයේ ද පලතුරු සහ එළවළු සහිත කුඩා ගෙවත්තක් නිර්මාණය කිරීමට හැකිවනු ඇතැයි නාසා ආයතනයේ අපේක්ෂාව වී ඇත. 



No comments

Powered by Blogger.